විමල් වීරවංශගේ නිවසින් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ – ඝාතනයක් යැයි සැකයක්
හෝකන්දර පිහිටි විමල් වීරවංශ මන්ත්රීවරයාගේ නිවසේ තිබී වයස අවුරුදු 24ක තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. අද (26) පොලීසිය මගින් සොයාගෙන ඇති අතර මෙම සිරුර මේ වන විට ජාතික රෝහලට ගෙනැවිත් තිබෙන බව වාර්තා වේ. මෙය ඝාතනයක් විය හැකි යැයි පොලීසිය සැක කරන බවත් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් තලංගම පොලීසිය පවසයි. මේ වන විටත් වීරවංශ මහතාගේ බිරිඳ වන සසී වීරවංශ මහත්මියගෙන් පොලීසිය ප්රශ්න කරමින් ඇති බව වාර්තා වේ.
Comments are closed.