සුජීවගේ නිවසේ සිදුවන අර්ජුන් බේරාගැනීමේ මෙහෙයුම මෙන්න..! – [exclusive]
මහබැංකු බැඳුම්කර වංචාවෙන් අර්ජුන මහේන්ද්රන් බේරාගැනීමේ මෙහෙයුමේ තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ කොළඹ එම්පරර් රෙසිඩන්සීස් හිදී පවත්වා තිබෙන අතර ඒ සඳහා අර්ජුන් ඇලෝසියස් එජාප පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ, දෙමළ ජාතික මන්ත්රීවරයෙක් සහ මහ බැංකුවේ ඉහළ පෙලේ නිළධාරීන් දෙදෙනෙක් සහභාගී වී තිබෙන බව අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.
මහ බැංකු බැඳුම්කර වංචාව කරළියට ඒමත් සමග විවිධ පාර්ශව විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන්ට එරෙහිව ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන ලදී. මෙම අවස්ථාවේදී මෙම බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්ෂණ කෝප් කමිටුවට පැවරුණ අතර එහිදී කෝප් කමිටුවේ එජාප මන්ත්රීවරයෙක් ඉවත් කර ඒ වෙනුවට මහේන්ද්රන් බේරාගැනීමේ සටනට රනිල් වික්රමසිංහ විසින් සුජීව සේනසිංහ කෝප් කමිටුවට යෝජනා කරන ලදී.
අද දිනයේ සුජීව සේනසිංහ ඉටු කරමින් සිටින්නේ රනිල් වික්රමසිංහගේ අවශ්යතාවයයි. එනම් මහ බැංකු ඉතිහාසයේ දරුණුතම කළු පැල්ලම වූ බැඳුම්කර මගඩියෙන් රනිල් වික්රමසිංහගේ හිතෛශියා වූ අර්ජුන් මහේන්ද්රන් ඉන් මුදවා ගැනීමේ මෙහෙයුමයි. සුජීව සේනසිංහ සමාජය ඉදිරියේ නිරුවත් වෙමින් මේ ඉටු කරමින් සිටින්නේ එම රනිල් වික්රමසිංහගේ කොන්තරාත්තුවයි.
අර්ජුන් මහේන්ද්රන් හා ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් බේරාගැනීමේ මෙහෙයුමේ තීරණාත්මක කාර්යභාරයක් මේ වන විට සිදුකරමින් සිටින්නේ සුජීව සේනසිංහ මන්ත්රීවරයා විසින් වන අතර ඒ සඳහා මන්ත්රීවරුන් මිලදී ගැනීමේ බ්රෝකර් ලෙස කටයුතු කරන්නේද සුජීව සේනසිංහ මන්ත්රීවරයා විසින් බව වාර්තා වේ. මෙම වංචාවෙන් බේරීම සඳහා දිගින් දිගටම මන්ත්රීවරුන් වෙනුවෙන් මුදල් වියදම් කරමින් සිටින අතර මොවුන් හමුවූ එම්පරර් රෙසිඩන්සීස් නිවසද සුජීව සේනසිංහ මන්ත්රීවරයා වෙනුවෙන් අර්ජුන් පවුලෙන් ලැබුණු තෑග්ගක් බව තවදුරටත් වාර්තා වේ.
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාල කෝප් කමිටු වාර්තාව හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඊට එරෙහිව වෙනත් වාර්තාවක් අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසක් මේ වන විටත් කටයුතු කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ පැවති බව වාර්තා වේ. සාකච්ඡාව සවස 5.00 සිට රාත්රී 12.00 පමණ වන තෙක් පවත්වා තිබේ.
Comments are closed.