”දුෂණ විරෝධී රන්ජන්” බැඳුම්කර මගඩිය යටගැසීමට හවුල්වෙයි..!
කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරු වෙනම වාර්තාවක් සකස් කර ඉදිරිපත් කිරීමට යාම තුල මේ වනවිට කෝප් කමිටුව තුල අර්බුදයක් නිර්මානයවී ඇත. එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් හිටපු අධිපතිවරයා බැඳුම්කර වෙන්දේසියේදී වරදක් කර නැති බව කියමින් ඔහුව නිදොස් කොට නිදහස් කරමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
මහබැංකු අධිපතිවරයාට එරෙහිව ඉතා සවිස්තරාත්මක චෝදනා එල්ල වී තිබියදී නිතර දූෂණය පිළිබඳ කතාකරන එක්සත් ජාතික පක්ෂයේ රන්ජන් රාමනායකගේ මෙම අවස්ථාවේ භූමිකාව දෙස කාගෙත් අවධානය යොමුවී ඇත. මන්දයත් රන්ජන් රාමනායක පසුගිය කාලය පුරාවට වංචා දුෂණ සම්බන්ධයෙන් නිතර හඩක් නගන බව මාධ්ය තුල පෙන්නුම් කරන ලදි. තමාගේ මෙම භූමිකාවට අගයකිරීමක් ඉල්ලා පසුගිය දිනෙක ඔහු මාධ්යවේදියෙකු සමග ගැටුමක්ද නිර්මානය කරගන්නා ලදි.
එක්සත් ජාතික පක්ෂයෙන් මන්තී්රවරු 10දෙනෙක්ද මෙම කමිටුවට අයත් වෙති. ඔවුන් වන්නේ රන්ජන් රාමනායක, රවීන්ද්ර සමරවීර, සුජීව සේනසිංහ, වසන්ත අළුවිහාරේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා, අබ්දුල්ලා මහරුෆ් යන අයයි.
Comments are closed.