ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ක්ලික් සමාජ ශාලාවට එල්ල වූ ප්‍රහාරයේ පරීක්ෂණ යටගහයි..?

කොළඹ ක්ලික් සමාජ ශාලාවට ප‍්‍රහාරයක් එල්ල වී මේ වන විට සති දෙකක් පමණ ගතවී ඇතත් ඒ පිලිබඳ සිදුවූ දේ දැනගන්නට නැත. මධ්‍ය ගණනාවක්ම මේ පිලබඳව විමසා සිටි නමුත් ඔවුන්ට ප‍්‍රතිචාර ලැබී නැත. ජනාධිපතිවරයාගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන සහ ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසක් මේ ප‍්‍රහාරයට වගකිව යුතු බව මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබෙනවා.

ඒ අවස්ථාවේ තායිලන්තයේ සංචාරයක නිරතව සිටි ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකාවට පැමිණි වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිසියට නියෝග කළේය. එහෙත් ඒ සිදුවූයේ කුමක් දැයි මේ තාක් දැනගන්නට නොමැති වීමගැන ගැටළු මතුවී තිබේ.

එම සමාජ ශාලාවේ සේවය කල පිරිස් වලට කිසිත් ප‍්‍රකාශ නොකරන්නැයි අවවාද කර ඇති අතර මේ සිද්ධිය දඩමීමා කරගෙන දේශපාලන වාසි ලබා නොගන්නැයි එහි කළමණාකරවරයා මාධ්‍යයට ප‍්‍රකාශයක් නිකුත් කළේය. මේ පිළිබඳව පැහැදිලි CCTV සාක්ෂි තිබියදී පොලිසිය පියවර ගැනීමට මෙතරම් ප‍්‍රමාද ඇයිද යන්න ප‍්‍රශ්නයක් මතුවේ.

Comments are closed.