“උසාවිය නිහඬයි“ තීන්දුව අද නොවේ හෙට..!
ප්‍රසන්න විතාන අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි“ චිත්‍රපටියට පැනවු අතුරු වාරණය සම්බන්ධයෙන් වන නියෝගය සිකුරාදා(21) ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා විනිසුරු එම්.යූ ගුණවර්ධන මහතා කියයි.එම අතුරු තහනම් නියෝගය ඊයේ(19)වන දින දක්වා ක්‍රියාත්මකව පැවති අතර ඒ පිළිබඳ තීන්දුව ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කරන බව කීවද එය අද(20)දිනය දක්වා කල් තැබිණි.
මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට දින සූදානම් කර තිබියදී හිටපු විනිසුරුවරයෙකු වන ලෙනින් රත්නායක විසින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් තමාට මෙන්ම මෙරට අධිකරන පද්ධතියට අපහාසයක් වන බව පවසා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වළකාලීමේ අතුරු තහනම් නියෝගයක් ලබාගන්නා ලදී.
ලෙනින් රත්නායක සිය පැමිණිල්ලෙන් කියා සිටියේ තමාගේ වෘත්තිය ජීවිතය ගැන ස්වර්ණවාහිනිය 1999දී මෙම චිත්‍රපටයේම වස්තු බීජය රැගත් විකාශනයක් කළ බවයි.‘හෙළිදරව්ව‘ නම් එම විකාශනයට විරුද්ධව තමා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී එම වස්තු බීජය රැගත් තවත් චිත්‍රපටයකින් එම නඩු තීන්දුවට අගතියක් සිදුවනු ඇතැයි ද ඔහු කියා ඇත.
මහව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් ඒ වන විට අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ තානායමකට කැඳවා එහිදී දූෂණයට ලක් කළ බවටත්,පසුව තම නිල කාමරය තුළදීද වෙනත් ස්ත්‍රීයක දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තිබේ. ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද”උසාවිය නිහඬයි”චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේද, මෙම හිටපු විනිසුරු ලෙනින් රත්නායක විසින් නීතිමය බලය පදනම් කරගනිමින් සිදුකරන ලද අපරාධයයි.
Comments are closed.