දිවිනසා ගත් බුද්ධි අංශ නිලධාරියා ගැන පොලීසියට ප්‍රශ්න රැසක්
සන්ඬේ ලීඞ්ර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ තමන් විසින් යයි පාපොච්චාරණය කල ලිපියක් ලියා තබා, ගෙල වැලලාගෙන සිය දිවි නසා ගෙන ඇති බව කියන විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරි ඉලන්දරගේ ජයමාන්න නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සී.අයි.ඩිය විසින් පරික්ෂණ ආරම්භ කොට ඇති බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවසුවේය.
පොලිස්පතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) වවුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව යන ප්‍රදේශවල නව පොලිස්ස්ථාන දෙකක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යවේදීන් පොලිස්පතිවරයාගෙන් ඒ ගැන විමසූ අවස්ථාවේදීයි.
එහිදී පොලිස්පතිවරයා කියා සිටියේ “ලසන්ත වික්රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කෙරෙනවා. ඒ වගේම සියදිවි හානි කරගෙන මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙනුත් වෙනම පරික්ෂණයක් කෙරෙනවා. තාම අපිට මේ පුද්ගලයගේ ප්‍රකාශය ගැන නිශ්චිතවම දෙයක් කියන්න බැහැ. ඒ ගැන විශේෂ කරුණු කාරණා කිහිපයක් බලන්න තියනවා. එයා එහෙම දෙයක් කිව්වේ ඇයි ගොඩාක් දේවල් හොයන්න තියනවා. ඒ ප්‍රදේශයේ වගේම ඔහුට පෞද්ගලික හේතූන් තියෙනවද රාජාකාරී හේතූන් තියනවද නැත්තම් මානසික පීඩනයක්ද නැත්තම් තර්ජනයක්ද කියල බලන්න වෙනවා. මේ හැම දෙයක්ම බලන්න වෙනවා එයා කිව්ව පමණින්ම අපිට තීරණයකට එන්න බැහැ. ඒ නිසා ඒ පිළිබඳව කෑගල්ලෙන් කෙරෙන පරික්ෂණ වලට අමතරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනම පරික්ෂණයක් ආරම්භ කරල තියනවා.