ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නාමල් වංචාවක් කලේම නැතිලු..! මානසික පීඩාවට FCIDයෙන් වන්දියක් ඉල්ලයි..!

නාමල් රාජපක්ෂ මහතා පුද්ගලික සමාගමකින් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් සිදු වූ අපකීර්තිය සහ මානසික පීඩාව සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරා තිබේ.

ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 07 ස්ථානාධිපති අනුර ප්‍රේමරත්න මහතාගෙන් සහ උප පොලිස් පරික්ෂක ලලිත් ශාන්ත මහතාගෙන්  වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරා තිබේ.

නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ අතුල ද සිල්වා මහතා මගින් එම නඩුව කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ බව නීතිඥ ගනේෂ් ධර්මවර්ධන මහතා සදහන් කළේය.
රග්බි ක්‍රිඩාවේ සංවර්ධනය සඳහා පුද්ගලික සමාගමකින් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් 2016 ජුලි මස 11 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි.

 

 

Comments are closed.