ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

මහින්ද බාලසූරිය ලසන්ත ඝාතනයේ පරීක්‍ෂණ යටගහලා..! CIDය ප්‍රශ්ණ කිරීම අරඹයි..!

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ තොරතුරු වසන් කිරීම, සාක්‍ෂි විනාශ කිරීම, පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ කණ්‌ඩායම්වලට බලපෑම් කිරීම ඇතුළු චෝදනා කීපයක්‌ සම්බන්ධයෙන් හිටපු පොලිස්‌පති මහින්ද බාලසූරිය සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කීර්ති ගජනායක යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07) සවස්‌ වන තුරුම ඔවුන්ගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු  ක්‍රමවත්ව සිදුකරගෙන ගිය අතර එම කටයුතු නතර කර ඇති හිටපු පොලිස්‌පති මහින්ද බාලසූරිය  සියලු පරීක්‍ෂණ ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය වෙත පවරා ඇත. මීට අමතරව මෙම පරීක්‍ෂණ කටයුතු කරගෙන ගිය පොලිස්‌ නිලධාරීන්ට විවිධ බලපෑම් එල්ල කිරීම, සාක්‍ෂි වසන් කිරීම ඇතුළු චෝදනා කීපයක්‌ මහින්ද බාලසූරියට වෙත එල්ල වී ඇත.

එවකට රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාව සිටි කීර්ති ගජනායක මහතා වෙතද ලසන්ත ඝාතනයේ පරීක්‍ෂණ යටපත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ. මේ සම්බන්ධයෙන් ගජනායක මහතාගෙන් ද රහස්‌ පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.