රවී සිරිවර්ධනට එල්ලවූ මරණ තර්ජන ගැන පොලිස්පතිට පැමිණිල්ලක්..!
හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ සමන් දිසානායක නමැත්තාගෙන් තමාට එල්ල වී ඇති මරණ තර්ජන පිළිබඳව ප්රවීණ ගීත රචක මාධ්යවේදී රවී සිරිවර්ධන මහතා පොලිස්පතිවරයාට පැමිණිලි කොට තිබෙනවා.
ඔහු සඳහන් කොට ඇත්තේ තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුන් ලැබෙන අතරේම තමා පසුපස නාඳුනන යතුරුපැදිකරුවන් ලුහුබඳින බවයි. මෙයට පෙර ද සමන් දිසානායක නමැත්තාගෙන් ලද මරණ තර්ජන හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණ ක්රියාමාර්ගයකට ද අවතීර්ණ වී ඇති බව ද රවී සිරිවර්ධන මහතා එම ලිපියේ සඳහන්කොට තිබෙනවා.
සමන් දිසානායක ටෙලිනාට්ය අධ්යක්ෂ නාලක වෙදමුල්ලගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවකු වන අතර ස්ත්රී දූෂණයක් සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයේ ඇප පිට සිටින්නෙක්. ඔහු මෙයට පෙර සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ට ද මරණ තර්ජන සිදු කළ බවට මාධ්ය වාර්ථා පලවුණා.
එමෙන්ම පසුගිය ජුනි මස ඔහු විසින් සිදුකළ තවත් කාන්තා හිංසනයක් සම්බන්ධයෙන් ද අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප ලබාගෙන තිබෙන බව ද එහි සඳහන්.
එම ලිපිය පහතින් බලන්න.

