වීරවංශ පවුලට බෝවෙන ලෙඩක්
රාජ්ය දෙපල අවභාවිතය සම්බන්ධයෙන් ඊයේ දිනයේ මූල්ය අපරාධ කොට්ඨාශය විසින් විමල් වීරවංශ මහතා කැදවා තිබුනද ඔවු පැමිණ සිටියේ නැත. ඔහු වැසිකිළියේදී ලිස්සා වැටුනු බැවින් පැමිණිය නොහැකි බව ඔහු අද මූල්ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
පසුගිය දා වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ ද මූල්ය අපරාධ කොට්ඨාශය විසින් කැදවා තිබුණු අතර අසනීප බව පවසමින් බොහෝ කලක් පොලීසිය මග හරිමින් සිටියේය. මුල් අවස්ථාවේ මීගොඩ ආයුර්වේද රෝහලේ සහ කිරිබත්ගොඩ රජයේ රෝහලේ ප්රථිකාර ගනිසිමින් සිට අවසානයේ බේරීමට නොහැකි වූ තැන ඊයේ දිනයේ භාර විය.
නීති විරෝධි ලෙක කූඨ ලේඛන සාදා ජාතික හැදුනුම්පත් ලබාගැනීම පිළිබද ඔහුගේ බිරිද අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ද අසනීප වී රෝහල් ගත විය.
මොවුන් පිළිබද පරීක්ෂණ කරන ඉහල නිළධාරියෙක් අනෙක් නිළධාරීන්ට “වීරවංශලාට බෝවෙන ලෙඩක්ද කොහෙද තියෙන්නේ, පොලිස් කිව්ව ගමන් ලෙඩ වෙනවා, පරිස්සමෙන් බෝ වෙයි“ යනුවෙන් පවසා ඇත්තේ සැවොම සිනහගන්වමින්.