ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

‘ශුද්ධවන්ත’ රාජිත නැව් ගිලපු හැටි මෙන්න..!

රාජපක්ෂ පිලේ සිට අවසාන මොහොතේ මෛත්‍රී පිලට එක්වී වී වීරයකු වන්නට උත්සහ කරන රාජිත සේනාරත්න රාජපක්ෂ සමයේ සිදුකළ මහා පරිමාන ජාවාරමක් පිළිබද තොරතුරු මේ වන විට හෙළිදරවු වී තිබේ. රාජිත ධීවර ඇමතිව සිටි සමයේ චීන සමාගමක් ඔවුන්ගේ හවුල්කාර ලාංකීය සමාගම හා එක්ව ලංකාවේ මසුන් මැරීමේ ව්‍යාපාරයක් පිළිබද ඇමතිවරයා සමග සාකච්ඡා කර තිබේ. මේ පිළිබද වඩාත් උනන්දු වූ ඇමතිවරයා අවස්ථා දෙකකදී එම සමාගමේ අනුග්‍රහයෙන් චීනයට ගොස් මේ පිළිබද සාකච්ඡා කර තිබේ.

2013 ජූනි 06 වන දින ශ්‍රී ලංකන් ගුවන් යානයකින් චීනයට ගොස් ඇති ඇමතිවරයා එම මස 12 වන දින නැවත ලංකාවට පැමිණ තිබේ. මෙම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘතිය ඇරඹීමට නම් ලංකාවේ සමාගම වෙනස් කළ යුතු බවත් ඒ සදහා බ්ලූ ඕෂන් ෆිෂරි නම් (පුද්ගලික) සමාගමක් සමග ගනුදෙනු කළ යුතු බවත් එකගතාවයට පැමිණ තිබේ.

ලියාපදිංචි අංක 176433 යටතේ ලියාපදිංචි කර ඇති බ්ලූ ඕෂන් ෆිෂරි සමාගම අලුතින් ලියාපදිංචි කරන ලද සමාගමක් වන අතර එහි සියයට 60ක කොටස් වල හිමිකාරීත්වය ඇතිතේ ඇමතිවරයාගේ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනවිරත්න නම් පුද්ගලයාටය.මෙම සමාගමේ සම්පූර්ණ ආයෝජනය රුපියල් කෝටි 100ක් පමණ වන අතර ඒ අනුව දොන් ලලිත් අනුරාධ එහි ආයෝජනය කර ඇති මුදල රුපියල් කෝටි 60ක් පමණ වේ. ඇමතිවරයාගේ ලේකම් වරයා සමාගමක් ආරම්භ කිරීමට රුපියල් කෝටි 60ක් ආයෝජනය කළේ කෙසේ උපයාගත් මුදල්ද යන්න තවමත් අභිරහසකි.

මීට අමතරය බ්ලූ ඕෂන් සමාගම විසින් රුපියල් කෝටි 40ක් පමණ වටිනා බහුදින ධීවර යාත්‍ර 8ක් මිලට ගෙන ඇති අතර ඒ සදහා කිසිදු බදු මුදලක් අද දක්වා ගෙවා නැත. අමාත්‍යවරයාගේ බලතල භාවිතා කරමින් මෙම සමාගම සදහා වසර 9ක බදු සහන කාලයක්ද ලබාගෙන තිබේ.

මුලින් ලාංකීය ධජය යටතේ විශේෂිත ආර්ථික කලාපයේ මසුන් මැරීම සදහා චීන සමාගම මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද පසුව ආයෝජන මණ්ඩලය හරහා ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම දක්වා එය වර්ධනය කර තිබේ. මූලික එකගතාවයට අනුව මෙම සමාගමේ මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 10ක් කිලෝ එකක් ඩොලර් එකකට ධීවර සංස්ථාවට ලබා දිය යුතු අතර ඉතිරි සියල්ල චීනයට අපනයනය කරයි.

එසේ වුවද මේ දක්වා කිසිදු මත්ස්‍ය අස්වැන්නක සංස්ථාවට ලබා දී නොමැත. මීට අමතරව ධීවර වරායන් භාවිතා කිරීම සදහා දික්ඕවිට ඇතුලු ධීවර වරායන් සදහා ගෙවිය යුතු කිසිම මුදලක් මේ දක්වා ගෙවා නැත. මෙම සමාගම ආරම්භයේදී පළමු වසරේ අපේක්ෂිත ආදායම රුපියල් කෝටි 130ක් වේ. ව්‍යාපෘතිය බහුදින ධීවර යාත්‍රා 4කින් ආරම්භ කළද මේ වන විට යාත්‍රා ගණන 16කි.

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට දූෂණ විරෝධී හඩ සංවිධානය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් ඇමතිවරයා විසින්ත ම දේශපාලන බලය යොදාගනිමින් එම පරීක්ෂණ යට ගසා තිබේ.

Name Of Ship

Registration Number

Blue Ocea 101

IMUL-A-0090

Blue Ocea 102

IMUL-A-0091

Blue Ocea 103

IMUL-A-0092

Blue Ocea 104

IMUL-A-0093

Blue Ocea 105

IMUL-A-0098

Blue Ocea 106

IMUL-A-0099

Blue Ocea 107

IMUL-A-0100

Blue Ocea 108

IMUL-A-0101