ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ප්‍රමිතියකින් තොර ආහාර දීමෙන් පාද යාත්‍රාකරුවන්ට උදරාබාධ..!

මහනුවර සිට කොළඹ බලා ගමන් ගන්නා පාද යාත්‍රාව යක්කල ප්‍රදේශයේ පසුකරද්දී ඊයේ (31) දහවල් ලබාදෙන ලද ප්‍රමිතියකින් තොර. දිවා ආහාර නිසා උදරාබාධයන්ට ලක්වූ පා ගමන්කරුවන්ට අවට නිවාස හා හෝටල්වල වැසිකිලි සොයා යෑමට සිදුවිය.

අසාධ්‍ය තත්ත්වයට පත්වූ එක් අයකුට ඊයේ දහවල් ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට සිදුවී තිබේ. පාගමනට සහභාගිවූ පිරිස් සඳහන් කරන්නේ තමන්ට මෙවැනි ආහාර ලබා දුන්න ද මන්ත්‍රීවරුන් ප්‍රමිතියෙන් යුත් ආහාර ලබාගැනීමට කටයුතු කළ බවය.