රැජිනි කාන්ත් සහ ‘කබාලි’ උන්මාදය..!
Image copyrightEPAදමිළ සිනමාවේ සුපිරි තරුව රැජිනි කාන්ත් ප්‍රධාන චරිතය නිරූපනය කරන ‘කබාලි’ සිනමා නිර්මාණය එළි දැක්වීම ඉන්දීය සිනමාවේ වසරේ උත්කර්ෂවත්ම මොහොත ලෙසයි එරට සිනමා ලෝලීන් හඳුන්වන්නේ.
ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාව රැජිනි කාන්ත් වෙනුවෙන් පවතින සිනමා රසිකයන්ගේ උන්මාදය මෙතෙක් බිහි වූ වෙනත් කිසිදු ඉන්දීය සිනමා තරුවකට අභිබවා යා නොහැකි වී ඇති බවයි විචාරකයන් පවසන්නේ.
අද දිනයේ ඉන්දියාවේ සහ ලොව පුරා රටවල් කිහිපයකම එකවර එලි දැක්වුණු ‘කබාලි’ චිත්‍රපටය නැරඹීමට මේ වන විටත් සිනමා හල වෙත විශාල ජනකායක් එක්රැස් වෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
Image copyrightAFPචිත්‍රපටය නැරඹීම සඳහා ලෙඩ නිවාඩු ගැනීම, සිය ජංගම දුරකථන ක්‍රියා විරහිත කොට තැබීම සහ සේවයට වාර්තා නොකර සිටීම වැනි අපහසුතා වලක්වා ගැනීමට තමිල්නාඩුවේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන සිය සේවකයන්ට අද නිවාඩු දිනයක් ලබා දී ඇත.
ඉතා විශාල ප්‍රමාණයෙන් ‘කබාලි’ චිත්‍රපටය සම්බන්ධ පණිවුඩ පළ වීමෙන් ‘ට්විටර් ඉන්දියා’ වෙබ් අඩවියට පිවිසිය නොහැකි ලෙස ක්‍රියා විරහිතව තිබුණු අතර ඉන්දීය ජම්බෝ ජෙට් යානා ‘කබාලි’ වෙනුවෙන් සිය ගුවන් යානා පින්තාරු කර තිබෙනු දක්නට ලැබුණි.
චිත්‍රපටය එලි දැක්වීමට ප්‍රථම අලෙවි කරන ලද ටිකට් පත් වලින් පමණක් මේ වන විට ‘කබාලි’ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් කෝටි තුන ඉක්මවයි.
ඉන්දියාවේ සිනමා හල් දොළොස් දහසක අද දිනයේ තිරගත කිරීම ආරම්භ කර ඇති ‘කබාලි’ ‘බ්ලොක්බස්ටර්’ වාර්තා අභිබවා ගොස් ඇති බවයි පැවසෙන්නේ.
Image copyright@MOHANSTATESMANරැජිනිකාන්ත් උමතුව
ආසියාවේ වැඩිම මුදලක් අය කරන සිනමා තරුව වන රැජිනි කාන්ත් ප්‍රිය කරන රසික පිරිස් අතර ඔහු දෙවියකු, පියකු ලෙස ගෞරවයට සහ ආදරයට බඳුන් ව සිටියි.
රැජිනි කාන්ත් ප්‍රධාන චරිතය නිරූපනය කරන චිත්‍රපටයක් තිරගත වීමට පැය කිහිපයකට පෙර සිනමා හල වෙත පැමිණෙන සිනමා ලෝලීන් ඇතැම් විට ඔහුගේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් දේව මෙහෙයන් පවා පවත්වයි.

අනෙකුත් දමිළ සිනමා නිර්මාණ වලින් මදක් වෙනස් වූ රැජිනි කාන්ත් චිත්‍රපටයක් නැරඹීමෙන් ඔබ ලබන අත්දැකීම කිසිදු සිනමා නිර්මාණයකට සම කළ නොහැකි බවයි ඔහුගේ රසික රසිකාවියන් පවසන්නේ.
සිය සිගරෙට්ටුව දැල්වීමට පිස්තෝලයක් භාවිතා කරන සිනමා තරුව, ග්‍රනේඩ් බෝම්බ ප්‍රහාර සියතින් නවතයි! සාමාන්‍ය පුද්ගලයෙකුට තරණය කළ නොහැකි තරම් දුරකින් පිහිටි උස් ගොඩනැගිලි අතර මාරු වන ඔහු ක්ෂණයකින් පසුබිමේ සිටින සියලුම සතුරු සටන් කරුවන් එක පහරකින් බිම හෙළයි.
Image copyrightAFPචිත්‍රපටය නැරඹීමට පැමිණෙන සිනමා ලෝලීහු ඔහු තිරයේ දිස්වන සෑම අවස්ථාවකම අත්පුඩි ගසමින් ප්‍රීති ඝෝෂා නගන අතර සිය දෙපා බිම ගසමින් සිය තරුව දිරිමත් කිරීමට උත්සාහ ගනිති.
සිනමාවෙන් පිටතදී ද ඉන්දීය ජනතාවගේ ඉමහත් ගෞරවයට සහ ආදරයට පාත්‍ර වී සිටින රැජිනි කාන්ත් වරක් රෝගාතුරව සිටින බව නිවේදනය වීමත් සමග ඔහුගේ රසිකයෙකු සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ අතර ඔහු විසින් ලියූ ලිපියකින් ඉල්ලා තිබුනේ තමා මියගිය පසු සිය වකුගඩු සහ ශරීර කොටස් රැජිනි කාන්ත් වෙත ප්‍රධානය කරන ලෙසයි.
‘කබාලි’ කථා වස්තුව
Image copyright@RUMMUNISTපාතාල ලෝක නායකයෙකු සහ පළි ගැනීම වටා ගෙතුණු ‘කබාලි’ සිනමා නිර්මාණයේ ප්‍රචාරක වීඩියෝව ආසියාවේ මෙතෙක් වැඩිම පිරිසක් නරඹනු ලැබූ චිත්‍රපට ප්‍රචාරක වීඩියෝව බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවට අමතරව මැලේසියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඇමරිකාව, ප්‍රංශය සහ ජපානයේ ‘කබාලි’ තිරගත කිරීම මේ වන විට ආරම්භ කොට තිබේ.

එයාර් ඒෂියා ගුවන් සේවය විසින් බැංගලෝර් නගරයේ සිට චෙන්නායි නුවර දක්වා ‘කබාලි’ නමින් විශේෂ ගුවන් ගමනක් යෙදවූ අතර ගුවන් ගමන අතරතුර රැජිනි කාන්ත්ගේ ප්‍රියතම ආහාර පිළිගන්වනු ලැබුණු බවයි එහි ගමන් ගත් රැජිනි කාන්ත් රසිකයන් කියා සිටියේ.
සිකුරාදා සිට සෙනසුරාදා චිත්‍රපට ප්‍රදර්ශන වාර දහයම නොනවත්වා නරඹන බව තවත් දකුණු ඉන්දීය සිනමා රසිකයෙක් පැවසීය.
ඊට අමතරව සිය මෝටර් රථ ‘කබාලි’ නමින් පින්තාරු කිරීමට සහ සිය සිරුරේ රැජිනි කාන්ත්ගේ රුව පින්තාරු කිරීමට ඇතැම් රසිකයෝ ක්‍රියා කරති.
‘කබාලි’ තිරගත වීම අරඹා දින තුනක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන තිහක ආදායමක් උපයනු ඇති බවටයි ගණන් බලා තිබෙන්නේ.
Image copyrightREUTERS
Image copyright@RAHULKANWAL
Image copyrightAFP(BBC)