අර්ජුන් බේරාගැනීමේ සටන ඉදිරියට – එජාප ප්‍රභලයෙක් කෝප් කමිටුවට රිංගවයි
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සාමාජික වේලු කුමාර් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඒ සදහා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රභල මන්ත්‍රී වරයෙකු පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. භාණ්ඩාගාර බැදුම්කර වංචාව පිළිබද කරගෙන යන පරීක්ෂණ වලින් අර්ජුන් මහේන්ද්‍රන් බේරා ගැනීමේ මෙහෙයුමේ කොටසක් ලෙස මෙය සිදු කරන බවත් මෙසේ පත් කිරීමට යන මන්ත්‍රීවරයා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වෙනුවෙන් පසුගිය කාලය පුරාම පෙනී සිටි පුද්ගලයෙකු බවත් වාර්තා වේ. ඔහු විසින් පසුගිය දා බැදුම්කර වංචාව සුදු කරමින් කෘතියක්ද සම්පාදනය කර තිබිණි.