ColomboXnews

News | Gossip | Political | Entertainment

Lead

දුරකථනයේ දත්ත තහවුරුයි – රාජගිරියේ අනතුරට චම්පික මාට්ටුවෙයි

පසුගියදා රජගිරියේදී තරුණයෙකු අනතුරකට ලක් කරමින් පළා ගිය බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය චම්පික රණවක මහතාගේ ජංගම දුරකථනයේ දත්ත පරීක්ෂා කිරීමේදී එම අනතුර වූ දිනයේ එම වේලාවට රාජගිරිය ප්‍රදේශයේ අමාත්‍යවරයා ගමන් කර ඇති බව තහවුරු වී ඇත.

මේ බව සඳහන් වන්නේ අනතුරු සිදු වූ දින එම වේලාවන්හිදී ඇමතිවරයාගේ ජංගම දුරකථනයේ සංඥා ගමන් මාර්ග අදාළ අනතුර සිදු වූ වේලාව හා ස්ථානය සමග සැසඳෙන බව පොලීසිය විසින් අධිකරණයට ලබා දී ඇති වාර්තා වේනි. මීට අමතරව මෙම අනතුරට සම්බන්ධ සීසීටීවී දර්ශන මොරටුව විශ්වවිද්‍යාලය වෙත යවා ඊලඟ නඩු දිනයට ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. 

මීට අමතරව විත්ති කරු බව පවසමින් පොලීසිය වෙත භාරදුන් ඔහුගේ රියදුරාගේ ජංගම දුරකථනයේ සංඥා එම අනතුර සිදුවෙද්දී ඒ අසලකවත් නොතිබුණු බවද පරීක්ෂණවලින් හෙළි වී ඇත. මේ අනුව පෙනී යන්නේ ඇසින් දුටු සාක්ෂි හා පුබල විද්‍යාත්මක සාක්ෂි අනුව චම්පික රණවක අමාත්‍යවරයා ස්ථිර වශයෙන්ම මෙම රිය අනතුරට සම්බන්ධ බවයි.