සෝමරත්න ගේ සරිගම කොපියක්ද? – (වීඩියෝ)
සෝමරත්න දිසානායක ගේ සරිගම චිත්‍රපටිය කොපියක් නොවන බව ඔහු පුන පුනා කියා සිටී. පළමු කොට ජගත් පුජිත චිත්‍රපටියක් සිංහලට නැගීම පිළිබඳව අපගේ ප්‍රසාදය පලකරන අතර දෙවනුව කොපි චෝදනාව ට ඔහු දෙන පිළිතුර පළ කරමු.
සවුන්ඩ් ඔෆ් මියුසික් කියන්නෙත් පොතක් ඇසුරෙන් කරපු නිර්මාණයක්. ස්ටොරි ඔෆ් ද ට්‍රැප් ෆැමිලි සිඟර්ස් නමැති ඒ පොත පදනම් කරගෙන ලෝකයේ විවිධ රටවල වේදිකා නාට්‍ය, චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් ආදිය නිර්මාණය වුණා. එම නවකතාව ඇසුරෙන් තමයි මම මගේ එම්.ඒ උපාධියේ මුල් නිබන්ධනය සම්පාදනය කළෙත්. ඉතින් එකම නවකතාව ඇසුරෙන් කරපු මේ චිත්‍රපට දෙකේ සමහර සමාන දර්ශන සහ එකම චරිත තියෙන එක පුදුමයක් නොවෙයි.
සරිගම නිර්මාණය කරද්දී සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටය කොපි කළේ නැහැ කියල ද ඔබ ඔය කියන්නේ.?
ඇත්තෙන්ම ඔව්. සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයේ ඇතුළත් සමහර කොටස් මම අතහැරලා තියෙනවා. ඒ වගේම එහි නැති සමහර කොටස් මම මගේ චිත්‍රපටයට ඇතුළත් කරලා තියෙනවා. විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ නිර්මාණයක් අපේ ප්රේක්ෂකයන්ටත් රස විඳීමේ අවස්ථාව ලබා දෙන්නයි මම මේ චිත්‍රපටය නිර්මාණය කළේ. සරිගම කියන්නේ සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයේ අනුවර්තනයක් මිස කොපියක් නෙවෙයි.
මීළඟට මුල් චිත්‍රපටියේ දර්ශන රූප රාමුවෙන් රුප රාමුවට කොපි කර ඇති you tube සටහන ඉදිරිපත් කරමු. මේ you tube සටහන නරඹන හිතවතෙක් අනේ සෝමරත්න මහත්තයෝ හතරැස් බොරු කියන්න එපා යැයි පැවසුවහොත් අපට එහි වගකීම භාරගත නොහැකි වනු ඇත.
www.lankanewsline.com




















