ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආණ්ඩුවට තවත් ආදායම් මාර්ගයක් – ඩෙංගු දඩයත් 25,000ක් වෙයි…!

ජනතාව මත දිනෙන් දින බදු හා දඩ පනවමින් සිටින ආණ්ඩුව මදුරු කීටයින් සහිත පරිශ්‍ර පවත්වා ගෙන යන පුද්ගලයින්ට එරෙහි දඩ මුදල රු. 25,000 දක්වා වැඩි කළ යුතු බවටද යෝජනා කරන ව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයේ මේ බව පැවසුවේ, ගම්පහ දිස්ත්‍රික් මදුරු මර්දන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා ඊයේ දහවල් ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පවැති සාකච්ඡාවකදී ය.

ඩෙංගු රෝගය වැළඳීමෙන් කිසියම් රෝගියෙකු මිය ගිය හොත් මදුරු කීටයින් බෝ කළ පුද්ගලයා සහ ආයතනය විසින් වන්දි ගෙවීමට ද ඩෙංගු රෝග පාලනය සඳහා අණපනත් සංශෝධනයකළ යුතු බවට ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් යෝජනා කර ඇත.