ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඉෂාර මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ‘Crimes OIC’ අද අධිකරණයට

පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සැකකරු ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාරු 32 හැවිරිදි බැල්ලපිටිය, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් ය.

මෙම සිද්ධියට අදාළව පසුගිය 26 වනදා සිට ක්‍රියාත්මක වනපරිදි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ඊයේ පස්වරුවේ වැඩතහනමට ලක්ව සිටි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබු බව පොලිසිය සඳහන් කළේය.