ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පරි­ස­රය-ආගම පෙන්වා දේශ­පා­ලන කුම­න්ත්‍ර­ණ­යක් සිදු වෙනවා! අලුත් ඇත් අතුරු සෙව­ණක් පොළො­න්න­රුවේ අර­ඹ­නවා – පරි­සර ඇමැති වෛද්‍ය දම්මික පට­බැඳි

වන අලි ඇතුන් පිළි­බ­ඳව පසු­ගිය දින­වල ඇති වූ කතා­බහ සහ ඒ පිළි­බ­ඳව පරි­සර අමා­ත්‍යාං­ශය පාර්ශ්ව­යෙන් ගෙන ඇති පිය­වර මොන­වාද? පරි­සර ගැටලු සහ ආග­මික සහ ජාති­ක­ත්වය දේශ­පා­ල­නය වෙත ඈඳා ගනි­මින් රට තුළ දේශ­පා­ලන අස්ථා­වර භාව­යක් ඇති කිරී­මට විප­ක්ෂය දරන උත්සා­හය පිළි­බ­ඳව පරි­සර ඇමැති වෛද්‍ය දම්මික පට­බැඳි මහතා සමඟ සිදු­කළ සාක­ච්ඡා­වකි මේ.

අලුත් ඇත් අතුරු සෙව­ණක් ආරම්භ කිරීම පිළි­බ­ඳව සඳ­හන් වෙනවා. මේ ගැන පැහැ­දිලි කිරී­මක් කළ හැකිද?

අන­තු­රට පත්වන අලි – ඇතුන් සහ විශේ­ෂ­යෙන්ම අන­තු­රට පත්වන අලි පැටවු සුව­පත් කරලා නැවත වනා­න්ත­ර­ව­ලට මුදා­හ­රින වැඩ­ස­ට­හන සිදු­වන්නේ උඩ­ව­ලව ඇත් අතුරු සෙවණේ. එත­කොට දැන් අපේ රටේ වනා­න්තර රට පුරා විසි­රිලා තියෙ­නවා. ඉතින් විශේ­ෂ­යෙන්ම පොළො­න්න­රුව අනු­රා­ධ­පුර, උතුර වැනි පළා­ත්වල අන­තු­රට පත්වන ඇත් පැට­වුන් සහ අලි – ඇතුන් අපිට උඩ­ව­ල­වට ප්‍රවා­හ­නය කරන්න වෙනවා. ඒ නිසා ඒකට විශාල කාල­යක් යනවා. එහිදී තුවාල ලබා ඉන්න අලියා අම­තර අව­දා­න­ම­ක­ටත් පාත්‍ර වෙනවා. ඒ නිසා තමයි අපි කල්පනා කළේ ලංකාවේ අනිත් පැත්තට, දකු­ණට වෙන්න තියෙ­නවා වගේ උතු­රට වෙන්නත් මෙවැනි ඇත් අතුරු සෙව­ණක් තිබීම වැද­ගත් කියලා.

ඒ අනුව තමයි අපි පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව යටතේ තියෙන රක්ෂි­ත­යක් මේ ඇත් අතුරු සෙවණ ගොඩ­නැ­ඟීම සඳහා නිද­හස් කර තිබෙන්නේ. ඒ අනුව ඉදි­රි­යේදී පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ දිසා­ප­ති­තු­මන් වගේම එහි ප්‍රාදේ­ශීය අධි­කා­රිය සහ වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මැදි­හත් වෙලා දැන­ට­මත් මේකට අදාළ මූලික සංක­ල්පය සහ සැලැස්ම හදලා අව­සන් කරලා තියෙ­නවා. ඒ නිසා ලබන වස­රේදී මේ ඇත් අතුරු සෙවණ පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්කය පද­නම් කර­ග­නි­මින් ආරම්භ කිරී­මට නිය­මි­තව තිබෙ­නවා.

ආරක්ෂා කළ යුතු ඇතුන් 13 දෙනෙක් සම්බ­න්ධව හමුදා ආර­ක්ෂාව සප­යන බව සඳ­හන් වනවා. ඇත්තෙන්ම ඒ වැඩ­පි­ළි­වෙළ මොකක්ද? ඒ ගැන පැහැ­දිලි කිරී­මක් කළ හැකිද?

ඔව්, ඒක ගත්තොත් මෙහෙ­මයි. අපේ රටේ සාමාන්‍ය ජන­තාව අතර අලි – මිනිස් ගැටුම කියන එක තීව්‍ර වෙලා තියෙන ප්‍රශ්න­යක්. මේකෙදී විශේ­ෂ­යෙන්ම අපේ රටේ සම්ප­තක් වන අලි – ඇතුන් මියයෑමේ අව­දා­නම වැඩි වෙලා තියෙ­නවා. අපිට මේ අපේ රටේ අලි ඇත් පර­පුර රැක ගැනීම වැද­ගත් වෙනවා.

ඉතින් අපේ රටේ දැනට හඳු­නා­ගත් සතුන් සංඛ්‍යා­වක් ඉන්නවා. වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුව සතුව සහ වයිල්ඩ් ටස්ක් වැනි ස්වේච්ඡා සංවි­ධාන සතුව. එත­කොට දැන් අපි ඔවුන් හඳු­නා­ගෙන තියෙ­නවා මේ ඇතුන් අත­රින් අව­දා­න­මට ලක්වෙච්ච ඇතුන් කවුද කියලා. අලි 13 දෙනෙක් නම් හැටි­යට හඳු­නා­ගෙන තියෙ­නවා. එත­කොට මේ ඇතුන් ආරක්ෂා කර­ගැ­නීම සඳහා අපි විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් පසු­ගි­යදා ආරම්භ කළා. ඒ සඳහා පරි­සර අමා­ත්‍යාං­ශය, වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වත් ත්‍රිවිධ හමු­දා­වත් විශේෂ සාක­ච්ඡා­වක් කළා. මේ සාක­ච්ඡා­වට සම්බන්ධ වුණා වයිල්ඩ් ටස්ක් ආය­ත­න­යත්. අපි ඔවු­න්ගෙ­නුත් ඔවුන්ගේ තියෙන දත්ත පත්‍රි­කාව පද­නම් කර­ගෙන මේ විශේෂ වැඩ­පි­ළි­වෙළ හැදුවා.

එත­කොට මේකෙදී කෙරෙන්නේ හමුදා මෙහෙ­යුම් මූල­ස්ථා­න­යක් හැටි­යට සල­ක­මින්, නාවික හමු­දාව, ගුවන් හමු­දා­වත් සම්බන්ධ කර­ග­නි­මින්, ඒ වගේම වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වත්, පරි­සර අමා­ත්‍යාං­ශ­යත් සම්බන්ධ කර­ග­නි­මින් මේ අලි දහ­තු­න්දෙනා ගැව­සෙන ප්‍රදේශ අපි හඳු­න­ගෙන තියෙ­නවා. ඒ ප්‍රදේ­ශ­වල හමුදා අනු­ඛණ්ඩ දහ­තු­නක් දාහ­ත­රක් වගේ ප්‍රමා­ණ­යක් මේ වෙනු­වෙන්ම යොදවා අවශ්‍ය අව­ස්ථා­වේදී ක්ෂණික මැදි­හ­ත්වීම සිදු කිරීම තමයි මේකෙන් බලා­පො­රොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා අපි ඒ මෙහෙ­යුම් මධ්‍ය­ස්ථා­න­යක් හදලා තියෙ­නවා. මේ මෙහෙ­යුම් මධ්‍ය­ස්ථා­න­යට සම්බන්ධ කරලා තියෙ­නවා ත්‍රිවිධ හමු­දා­වත්, අපි හඳු­නා­ගත් අලි දහ­තුන් දෙනා සැරි­ස­රන ප්‍රදේ­ශ­වල වන­ජීවී නිල­ධා­රීන්, ඒ වගේම වයිල්ඩ් ටස්ක් ආය­ත­න­යත් මේ සම්බ­න්ධ­යෙන් සම්බ­න්ධී­ක­ර­ණය කර­ග­නි­මින් මේ වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට කර­ගෙන යනවා.

මේ සඳහා මහ­ජන සහ­භා­ගි­ත්වය සහ සහාය ලබා­ගන්නේ කොහො­මද ?

ඔව්, මේකෙදී අපි බලා­පො­රොත්තු වෙනවා, විශේ­ෂ­යෙන්ම මේ ප්‍රදේ­ශ­වල තියෙන ස්වේච්ඡා සංවි­ධාන ඒ වගේම ප්‍රජා සංව­ර්ධන සභා නියෝ­ජි­තයෝ හර­හාත් අපි තොර­තුරු රැස් කර­ග­න්නවා. ඊට අම­ත­රව වයිල්ඩ් ටස්ක් ආය­ත­නය පැත්තෙ­නුත් ඔවුන් සතුව තියෙන පරි­ස­ර­වේ­දීන් විශේ­ෂ­යෙන්ම අලි ඇතුන් සම්බ­න්ධ­යෙන් කැමැත්ත දක්වන පිරිස් සම්බන්ධ කර­ග­නි­මින් සම්බ­න්ධී­ක­ර­ණ­යක් ඇති කර­නවා. අන්න ඔවු­න්වත් අපි මේකෙදී සම්බ­න්ධී­ක­ර­ණය කර­ග­න්නවා. බිම් මට්ට­මේදී, අවශ්‍ය මැදි­හ­ත්වීම සිදු කර­නවා.

කාව­න්තිස්ස හස්ති­යාගේ සිද්ධි­යේදී දැන් විප­ක්ෂය ලොකු ද්වේශ සහ­ගත දේශ­පා­ලන වශ­යෙන් ලොකු උත්සා­හ­යක් ගත්තා මේකත් ආණ්ඩු විරෝධී සටන් පාඨ­යක් කර­ගන්න. ඇත්තෙන්ම විප­ක්ෂය මේ කට­යුතු කරන්නේ ඇයි, ඔබ­තුමා ඒ ගැන මොකද හිතන්නේ ?

ඔව්, ඇත්ත­ටම අපි කන­ගාටු වෙනවා කාව­න්තිස්ස හස්ති­යාගේ ඇති­වෙච්ච රෝගී තත්ත්ව­යෙන් සුව­පත් කර­ගන්න නොහැකි වීම සම්බ­න්ධ­යෙන්. කාව­න්තිස්ස හස්තියා අපේ රටේ ජාතික වස්තු­වක් හැටි­යට තමයි අපි සැල­කුවේ. ඒ නිසා ඔහු ගැන විම­සි­ල්ලෙන් ඉන්න අපි විශේෂ වන­ජීවී කණ්ඩා­ය­මක් යොද­වලා තිබුණා. එත­කොට ඔහුගේ රෝගී තත්ත්වය දැන­ගත් මොහොතේ සිට ඒ සඳහා මැදි­හ­ත්වීම් කරලා තියෙ­නවා. වෙන කිසිදු හස්ති­ය­කුට මැදි­හත් නොවුණු තරම් අපි මේ හස්ති­යාගේ ජීවි­තය බේරා ගැනීම සඳහා මැදි­හත් වුණා.

නමුත් අපට ඔහුගේ ජීවි­තය බේරා ගැනී­මට නොහැකි වුණු එක සම්බ­න්ධ­යෙන් අපි කන­ගාටු වෙනවා. නමුත්, ඒ අත­රෙන්ම මේ සිදු­වීම පාදක කර­ගෙන දැවැන්ත ප්‍රචා­රක සහ උද්ඝෝ­ෂණ කැම්පේන් එකක් අර­ගෙන ගියා. එත­කොට මේ සම්බ­න්ධ­යෙන් හදපු මත­වාද ප්‍රමා­ණ­යක් තියෙ­නවා. මේ මත­වාද ගත්තො­තින් ඒවා තුළ තියෙ­නවා ප්‍රධාන මත­වාද ධාරා­වන් කීප­යක්. මේවා තුළ තියෙ­නවා අවි­ද්‍යා­ත්මක මත, මිථ්‍යා මත, සම­හර පුද්ග­ල­යන් ඉලක්ක කර­ගත් ද්වේශ සහ­ගත ප්‍රචා­ර­යන්, සමා­ජය කැල­ඹී­මට ලක්කළ හැකි ආකා­රයේ ප්‍රචා­රක දේවල්, ඊට පස්සේ මේක ඇතුළේ තියෙ­නවා දේශ­පා­ලන වුව­මනා නියෝ­ජ­නය වන ප්‍රචා­ර­යන්.

ඒ නිසා දැන් මේ සිදු­වීම පද­නම් කර­ගෙන විවිධ කණ්ඩා­යම් මේ කාව­න්තිස්ස හස්ති­යාගේ වියෝ­වෙන් කම්ප­න­යට පත්වෙලා ඉන්න ජන කොටස්, ඔවුන්ගේ වුව­මනා සඳහා යොදා­ගන්න උත්සාහ කර­නවා. මේක දේශ­පා­ල­නික වශ­යෙන් යොදා­ගන්න උත්සාහ කර­නවා, සම­හර මිථ්‍යා මත ප්‍රව­ර්ධ­නය සඳහා යොදා­ග­න්නවා, සම­හර පුද්ග­ල­යන්ට ද්වේශ සහ­ගත චෝදනා එල්ල කිරීම සඳහා යොදා­ග­න්නවා, මේක හරහා තමන්ගේ වැරදි අඩු­පාඩු මකා­ගන්න වගේ උත්සාහ ගන්නවා. ඒ නිසා මේක ඇතුළේ විවිධ පර­මාර්ථ සහි­තව තමයි මේ කැම්පේන් කියන්නේ. ඉතින් ඒ නිසා අපි මේකෙන් ඉල්ලන්නේ මේ අව­ස්ථාව ප්‍රයෝ­ජ­නට ගන්න ඕන අලි – ඇතුන් සම්බ­න්ධ­යෙන් විද්‍යා­ත්මක දැනුම ප්‍රව­ර්ධ­නය කර­ගන්න, අලි ඇතුන් සංර­ක්ෂ­ණය මීට වඩා ඵල­දායී, කිසි­යම් අඩු­පා­ඩු­වක් සිද්ධ වුණා නම් අන්න ඒවත් සමා­ලෝ­ච­නය කර­ගෙන මීට වඩා ඵල­දායී තැන­කට මේක වර්ධ­නය කර­ගැ­නීම සඳහා මේ අත්දැ­කීම පාවිච්චි කර­ග­න්නවා වෙනු­වට, මේක ඉතාම පටු පර­මාර්ථ සඳහා පාවිච්චි කර­ගෙන ඉන්නවා.

අන්න ඒ පටු පර­මාර්ථ ඉටු­කර ගැනීම සඳහා මේ වියෝ­වෙන් කම්ප­න­යට පත්වෙච්ච ජන­තාව, සමාජ කණ්ඩා­යම් යොදා ගනි­මින් තියෙ­නවා. ඉතින් අන්න ඒක තමයි අපි මේකේ තියෙන ගැට­ලුව හැටි­යට දකින්නේ. එහෙම නැත්නම් අපි කවු­රුත් මේ හස්ති­යාගේ වියෝව සම්බ­න්ධ­යෙන් ඒ කම්ප­න­යක්, කන­ගා­ටු­වක් ඇති­වුණු දෙයක්. ඉතින් අපි ඉල්ලා සිටි­නවා මේක දඩ­බි­මක් කර­ගෙන අවි­ද්‍යාව පතු­රන්න, මිථ්‍යා මත­වා­ද­යන් පතු­රන්න, විවිධ පුද්ග­ල­යන්ට ද්වේශ සහ­ග­තව කට­යුතු කරන්න, එහෙම නැත්නම් මේක දේශ­පා­ල­නික අර­මු­ණක් සඳහා යොදාගැනීම වැනි පටු පර­මා­ර්ථ­ව­ලට මේක යොදා­ගන්න සම­හරු පාවිච්චි කර­ගෙන ඉන්නවා. ජාතික කාර්යය වුව­ම­නා­ව­ටත්. මේ වෙලාවේ ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ එවැනි දේවල් සඳහා මේක පාවිච්චි කර­ගන්නේ නැතුව මේ කම්ප­නය, මේ අත්දැ­කීම පාවිච්චි කර­ගමු කියලා අපි යෝජනා කර­නවා, අපේ රටේ අලි – ඇතුන් සංර­ක්ෂ­ණය මීට වඩා ඵල­දායි තැන­කට ගෙන යන්න.

ඒ අත­රම මේ අව­ස්ථාවේ ජාති­වාදී, ආග­ම්වාදී සටන් පාඨත් ආණ්ඩු­වට විරු­ද්ධව ඇතැ­මුන් සිදු කර­ගෙන යනවා. ඒ ගැන ඔබ­තු­මාගේ අද­හස මොකක්ද ?

මේ මොහොත ගත්තො­තින් අපේ රටේ අලුත් ආර­ම්භ­යක් ලබලා තියෙන මොහො­තක්. මේ ආර­ම්භය ලබලා තියෙන්නේ මොන පැති­ව­ලින්ද? එක පැත්ත­කින් අපි අපේ රටේ ආර්ථික ස්ථාව­ර­භා­වය ගොඩ­න­ඟ­මින්, අපි අභි­යෝග මැද රටේ ජන ජීවි­තය යථා­වත් කර­මින් ඉන්න මොහො­තක්, ඒ වගේම අපි අපේ රටේ වංචාව, දූෂ­ණ­යට එරෙ­හිව දැවැන්ත වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරලා මහ­ජන මුදල් මංකොල්ල කෑ අයට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක වීමට නිය­මිත මොහො­තක්. ඒ වගේම තමයි අපේ රටේ මත්ද්‍රව්‍ය ජාවා­රම සහ පාතා­ලය මර්ද­නය කිරීම සඳහා රජ­යක් හැටි­යට වෙන කිසිදු රජ­ය­කින් කට­යුතු නොක­රපු තරම් මැදි­හ­ත්වී­මක් කරලා තියෙන වෙලා­වක්. අපට පේනවා මෙන්න මේ ක්‍රියා­ව­ලිය ආපසු හැර­වීම සඳහා වුව­ම­නාව තියෙන කණ්ඩා­යම්, ඔවුන්ගේ සැබෑ අර­මුණ හංග­ගෙන ඔවුන් මතු­පි­ටට ගෙනෙ­නවා මේක බුදු දහමේ ප්‍රශ්න­යක් හැටි­යට අර්ථ දක්ව­මින්, සම­හර සිදු­වීම් පාරි­ස­රික ප්‍රශ්න ලෙස මතු­පි­ටට ගෙනෙ­මින්, සම­හර සිදු­වීම් මේකේ නීති­මය මොන­වා­හරි ගැටලු හැටි­යට මතු­පි­ටට ගෙ‍ෙන­මින්, ආණ්ඩුව ගෙන­යන සාධ­නීය වැඩ­පි­ළි­වෙළ ආපසු හැර­වී­මට ක්‍රියා කර­නවා. වංචා, දූෂණ, පාතාල ක්‍රියා­කා­ර­කම්, මත්ද්‍රව්‍ය ජාවා­රම් හසුව තිබෙන සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට පත්වෙ­මින් තිබෙ­නවා. ඔවුන් නැවත නිද­හස් වීම සඳහා අවශ්‍ය කරන පසු­බිම සකසා ගැනීම සඳහා තමයි මෙවැනි උත්සා­හ­යන් සිදු කරන්නේ.

ඉතින් අපි දන්නවා මෙවැනි කැම්පේ­න්ව­ලට විවිධ සැක සහිත කණ්ඩා­යම් විශාල වශ­යෙන් මුදල් පොම්ප කරලා තියෙ­නවා. ඒවට මුදල් පොම්ප කර­මින් තමයි මේ කට­යුත්ත සිදු කරන්නේ. ඉතින් මේවට ජනතා සහ­යක් ලැබෙන බවක් අපට පෙනෙන්න නැහැ, ගොඩක් අඩුයි. මේවා ඇතුළේ ජන­තා­වගේ සහය ලබා­ගන්න ඔවුන්ට බැරි වෙලා තියෙ­නවා. නමුත් ඔවුන් මේවා මිල මුදල් වැය කරලා, ධනය වැය කරලා සිදු කරන දේවල් බවට පත්වෙලා තියෙ­නවා. ඉතින් අපි මේ රටේ ජන­තා­ව­ගෙන් ඉල්ලන්නේ මේ වැනි කුම­න්ත්‍ර­ණ­කාරී කැම්පේ­න්ව­ලට හසු­වෙන්න එපා කියන එකයි. මේ තත්ත්වය නිවැ­ර­දිව තේරුම් ගනි­මින් කට­යුතු කරමු කියන යෝජ­නාව තමයි මට තියෙන්නේ.