ජනපති අනුර සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.ෙ ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ඊයේ (20) පස්වරුවේ මෙම පක්ෂ නායක හමුව පැවැති බවයි.
මෙම හමුවේ දී මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් මතුවී තිබෙන බලශක්ති අර්බුදය සහ එය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට මෙන්ම ආර්ථිකයට ඇති කරන බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
තවද එම අර්බුදයට මුහුණ දීම සඳහා රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධ ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයින් පැහැදිළි කර තිබෙනවා.
මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රාවුෆ් හකීම් මහතා, මනෝ ගනේෂන් මහතා ඇතුළු පක්ෂ නායකයින් රැසක් සහභාගී වුණා.