ආරක්ෂක ප්‍රධානියා මියගිය බව ඉරානය තහවුරු කරයි
ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලාරිජානි (Ali Larijani) ඝාතනය වී ඇති බව ඉරාන රජය අද (18) නිල වශයෙන් තහවුරු කළේය.
ඔහු ඉරාන ජනාධිපතිවරයාගේ සහ නැසීගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නියෝජිතයෙකු ලෙසද කටයුතු කර ඇත.
ඔහු 2008 සිට 2020 දක්වා වසර 12ක් පුරා ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළ ප්‍රබල දේශපාලනඥයෙකි.
2005-2007 කාලයේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික සාකච්ඡාකරු ලෙස ජාත්‍යන්තර මට්ටමින් කටයුතු කර ඇත
ඔහු ඉරානයේ ආරක්ෂක තීරණ ගන්නා ප්‍රධානතම පුද්ගලයා වූ බැවින්, මෙම මරණය වත්මන් යුද තත්ත්වයට විශාල බලපෑමක් එල්ල කරනු ඇත