ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

QR කේත භාවිතය ගැන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ දැනුම් දීමක්

මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකිබව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

එසේම වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් මුහුණ දෙන ගැටලු හදුනාගෙන ඒවා හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතී.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන්ට, කෘෂිකර්ම කටයුතුවලට ඉන්ධන සැපයීම ඇතුළු විශේෂිත ගැටලු සම්බන්ධයෙන් සවස් වරුවේ තීරණ ගෙන අද දිනය(15) තුළම ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.