ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මඩකලපුව පුරාවිද්‍යා නාමපුවරු ගැලවූ සැකකරුවෙක් අත්අඩංගුවට.. වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රදේශයෙන් පලායයි.. පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන අරඹයි!

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. 

එමෙන්ම වාලච්චේන පොලීසිය සැකකරුවන් විසින් ගැලවූ නාමපුවරුද සොයාගෙන ඇති බව ද සඳහන් වේ.

සිද්ධියට සම්බන්ධ වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන සිදුකරමින් පවතී.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවස්තු පවතින ස්ථානවල දිශානතිය සලකුනු කරමින් දිශා පුවරු සහ සංඥා පුවරු සවිකිරීම ආරම්භ කර ඇත්තේ ඉකුත් නොවැම්බර් 3 වනදය.

ඉන් පසුව ප්‍රාදේශීය සභාවක බලධාරීන් විසින් මෙම පුවරු ඉවත්කර ඇත්තේ පසුගිය දා 22වනදාය.

එම අවස්ථාවේදී  පුවරු ගලවා ඉවත් කරනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයේ සංසරණය විය.

ඒ අනුව අදාළ විමර්ශන ක්‍රියාත්මක විය.

මේ අතර, අද (24) පාර්ලිමේන්තුවේ දී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවත් මෙම ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳ දැනටමත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්ය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක සඳහා මඟ පෙන්වන නාමපුවරු යම් පාර්ශවයන් විසින් ඉවත් කිරීම සම්බන්ධව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ විශේෂ ප්‍රකාශය