ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මා පිය රැකවරණ දීමනාව ගැන අරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

රණවිරු දෙමාපියන්ට ලබාදෙන “මා පිය රැකවරණ දීමනාව” අත්හිටුවා ඇති බවට ප්‍රචාරය වන අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අරක්ෂක අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, එම දීමනාව රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශයේ මැදිහත්වීමෙන් අඛණ්ඩව සිදුකරනු ලබය. 

එම දීමනාව අත්හිටුවා ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් මේ වන විට ප්‍රචාරණය වන අතර, එම තොරතුර සම්පුර්ණයෙන් සාවද්‍ය බවත් එම දීමනාව අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (24) පාර්ලිමේන්තු සභා වාරය අමතමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. 

මෙම දීමනාව යටතේ සුදුසුකම්ලත් දෙමාපියන්ට, එක් අයෙකුට රු. 750.00 බැගින් වූ මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කරනු ලැබේ. 

අරක්ෂක අමාත්‍යංශ විසින් නිකුකළ නිවේදනය පහතින්,