මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් අත්අඩංගුවට
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අයථා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ද කැදවා තිබුණා.