ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බොරු පුවතක් දැමූ ‘සති අග අරුණ‘ පුවත්පතට එරෙහිව පියවර ගන්නා ලෙස ඇමති අනිල් ජයන්තගෙන් ඉල්ලීමක් (වීඩියෝ)

විදේශ ශ්‍රමිකයින්ගෙන් 15% ක බද්දක් අය නොකරන බව ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර් අනිල් ජයන්ත මහතා පවසනවා.

අරුණ පුවත්පතෙහි  ප්‍රධාන සිරස්තලය ලෙස “ විදේශ  ශ්‍රමිකයින්ටත් 15%ක බද්දක් යනුවෙන් “ පළවූ පුවත සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අනිල් ජයන්ත මහතා මෙහිදී පවසා සිටියේ අදාළ පුවත පළ කර ඇත්තේ විදේශගත ශ්‍රමිකයින් විසින් ප්‍රේෂණය කරන මුදල්වලට කිසිදු ආදායම් බද්දක් අය නොකරන බවට පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය ප්‍රකාශ මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති පසුබිමක බවයී.

එලෙස ව්‍යාජ පුවත් පළ කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම පුවත පළ කිරීමට අදාළ සියලු දෙනා කඩිනමින් වරප්‍රසාද හමුවට කැඳවා නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසද ඉල්ලීමක් කළා.