IMF යෝජනා අනුව රනිල්ගෙන් ඉදිරියේදී සියළුම නිවාස හිමියන්ට ‘කුලී බද්ද’ නම් නව බද්දක්
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 සිට ක්‍රියාත්මක වන පරිදි හිමිකරුවන් පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපළ සඳහා ‘ආරෝපිත කුලී ආදායම් බද්දක්‘ (Imputed Rental Income Tax) හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රනිල් වික්‍රමසිංහ ප්රමුඛ වත්මන් ආණ්ඩුවට යෝජනා කර තිබේ. දිනෙන් දින ජනතාව මත බදුබර පටවමින් තව තවත් ණය වෙමින් ආර්ථික අර්බුදය ජනතාවගෙන් වසන් කරමින් ඉදිරියට යන රනිල් වික්‍රමසිංහ ප්රමුඛ රාජපක්ෂ ආණ්ඩුව මෙම අලුත් බද්ධ මගින් ජනතාව මත තවත් ජීවන බරක් පැටවීමට සුදානම් වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනයෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන ලද IMF Country Report No. 24/161 වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දීමට සූදානම් වූ දේපළ බදු සහ තෑගි හා ප්රවේණි බදු ක්‍රමය ක්‍රියාවට නැංවීම විවිධ ව්‍යවස්ථාමය සීමාකම් හේතුවෙන් ප්‍රමාද වීම කරණ කොට ගෙන මෙලෙස නව ‘ආරෝපිත කුලී ආදායම් බද්දක්‘ හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත.