ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

දකුණු අප්‍රිකාවේ ඛේදවාචකයක්.. සිරවී සිටිනා පිරිස් මුදවා ගැනීමට විශේෂ මෙහෙයුම්.!

දකුණු අප්‍රිකාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3ක් මිය ගොස් තවත් 24ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තාකර ඇත, මෙසේ කඩාවැටී තිබෙන්නේ ජෝර්ජ් නගරයේ ඉදිවෙමින් පැවති ගොඩනැගිල්ලක් බව වාර්තා වේ.
එම කඩාවැටී ඇති සුන්බුන් අතර තවත් මිනිසුන් 51ක් දෙනෙකු සිරවී ඇති බවද වාර්තා වන අතර එම මිනිසුන් මුදාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි බලධාරීන් පවස‍යි.

මෙම කඩාවැටීම සිදුවන අවස්ථාවේ ඉදිකිරීම් සේවකයින් 75දෙනෙකු එම ස්ථානයේ සිටි බව තහවුරු කර ඇති බවයි බටහිර කේප් අගමැති ඇලන් වින්ඩේ පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පොලිස් ගලවාගැනීම් කටයුතු සඳහා නිළ සුනඛයන්ද යොදාගෙන ඇති බව විදේශ මාද්‍ය වාර්තා කර තිබිනි.