ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සජිත් ලගට පැමිණි ගොඩහේවාට සජබ ඇතුලෙන් කැපිල්ලක්… හර්ෂ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එජාපයට යන්න හදයි

පර්ලිමෙන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සමගි ජනබලවේගයට එකතුවීම හේතුවෙන් දැනට එම පක්ෂයේ ආර්ථික වැඩපිලිවෙල සම්බන්දයෙන් මැදිහත්වෙන හර්ෂද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ දැඩි විරොධයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. එම නිසා ඔවුන් ඉදිරියෙදි එජාපයට සම්බන්ධවීම සඳහා විවිධ සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වේ.

එසේ සාකච්ඡා කරන පිරිස අතරට මන්ත්‍රීවරුන් දස දෙනෙකු ඇතුලත් බවද දැන ගන්නට ඇත.

දැනට පක්ෂය තුල කලකිරීමකට පත්ව සිටින මෙම මන්ත්‍රී පිරිස තීරණාත්මක මොහොතකදී එජාපය සමග එකතුවීමට නියමිත බවද ඉහත ආරංචි මාර්ග කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල සමගි ජන බලවේගය හා සජිත් ප්‍රේමදාස මහතා රැගෙන යාමේ වැරදි ක්‍රියාවලියක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පසුගියදා සඳහන් කර තිබුනි. අද වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ සහ තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති එකක් බවත් එම ආර්ථික ප්‍රතිපත්ති රටට හෙළි නොකිරීමෙන් සජිත් ප්‍රේමදාස මහතා විශාල වරදක් සිදුකරන බවටත් ගොඩහේවා මහතා එහිදී පැවසීහ.

ඉදිරි සමග ජන බලවේග ආණ්ඩුවකට තමාට මුදල් ඇමති දුරය ලැබෙණු ඇතැයි සිතමින් සමගි ජන බලවේගයේ ඇතැමුන්ට හෘදයාබාධ ඇතිවන තත්ත්වයක් පැන නැගී ඇති බවද හෙතෙම කියා සිටියේය.