ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

‘ජවිපෙ ජයග්‍රහණය වලක්වන්න සජබ ඡන්දය කල්දාන්න කියා මට කීවා‘ – රනිල් පාර්ලිමේන්තුවේදී සජිත් ඇතුළු විපක්ෂයේ රෙදි ගලවයි.. වීඩියෝව මෙන්න..

ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහණය වැලැක්වීම සඳහා ඡන්දය නවත්වන්නැයි සජිත් පේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු තමන්ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

“මේ මන්ත්‍රීවරු මට කිව්වා ඡන්දය කල්දාන්න කියලා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ඡන්දය උවමනා නැහැ. මේ අය මොකක්ද කිව්වේ. මට එව්ව පණිවිඩය තමයි ‘ඔබතුමන්ලා මේක පුළුවන්නම් කල්දාන්න. අපි ටිකක් කෑගහලා ඊට පස්සේ වාඩිවෙනවා කියලා’ කියලා. ඉතින් දැන් මොනවටද නැගිටිලා කියන්නේ.

“ඔබතුමන්ලා මට කිව්වේ නැද්ද ජනතා විමුක්ති පෙරමුණ නවත්තන්න ඡන්දය නවත්තන්න කියලා. කිව්වේ නැද්ද කියන්න. ඔබතුමාලා මට කිව්වා.. හෙලිකොප්ටරේ අයත් කීවා” යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.