දිල්රුක්ෂි වික්රමසිංහ යළි පරණ පුටුවේ වැඩ අරඹයි..!
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මිය අද(20 දා) අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස යළි වැඩ බාරගන්නා ලදී. ඇය අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස පත්වීමට පෙර කටයුතු කර ඇත්තේ ද එම ධුරයේමය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වූ ඇය තම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද්දේ ඉකුත් 17 දාය. එහෙත් එය ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් පිළිගනු ලැබුවේ ඊයේ (19)පස්වරුවේ ය.
Comments are closed.