පාර්ලිමේන්තුව අද ගොළුවේ…!
ලබන අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන අද(20දා) දින පාර්ලිමේන්තුවේ ශබ්ද පරිපාලන පද්ධතිය සහ මයික්රෆෝන පද්ධතිය නිසි පරිදි ක්රියාත්මක නොවනු ඇතැයි පාර්ලිමේන්තුවෙන් වාර්තා වේ.
එම පද්ධතිවල අලුත්වැඩියා කටයුතු මේදක්වා අවසන්ව නොමැති බැවින් අද දින මන්ත්රීවරුන් බොහෝ පිරිසකට අදහස් දැක්වීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයිතිබෙන බවද වාර්තා වේ.
මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා මෙම නවීකරණ කටයුතු සිදුකළ අතර,මේ පිළිබදව කල විමසීමකදි කතානාක කරු ජයසුරිය මහතා සඳහන් කළේ මුදල් ඇමතිවරයා විසින් විසර්ජන පනත්කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් රවි කරුණානායක මහතාගේ මයික්රෆෝනය පමණක් ක්රියාත්මක වනු ඇති බවයි.
ඉකුත් සතියේ ආරම්භකළ අලුත්වැඩියා කටයුතුවලදී ඇඟිලිසලකුණු සටහන් තැබීමේ පද්ධතිය සකස් කළ බවත්,ශබ්ද පරිපාලන පද්ධතියේ තවත් නවීකරණ කටයුතු සිදුකිරීමට තිබෙන බවත් කී ඒ මහතා මයික්රෆෝන සියල්ල ගලවා දමා ඇතැයි පවසා සිටියේය.
Comments are closed.