ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“CEB, CPC සහ CPSTL සේවකයින්ගෙන් බහුතරයක් අකාර්යක්ෂමයි, අදක්ෂයි”: ඇමති කංචන 

සියලු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතු යැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව රාජ්‍ය ආයතන පහත වැටීමට හේතු වී ඇති බව ය.

රාජ්‍ය ශ්‍රම බළකායෙන් බහුතරයක් පුද්ගලික අංශයේ නොනැසී පවතිනු ඇතැයි හෝ කිසිසේත් ම බඳවා ගනු ඇතැයි තමන් නොසිතන බව ඔහු අවධාරණය කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ, කාර්ය සාධනය පදනම් කරගත් වැටුප් අනිවාර්ය විය යුතු බව ය.

ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ දක්ෂ හා කාර්යක්ෂම සේවකයින් සිටින අතර, බහුතරය අකාර්යක්ෂම සහ අදක්ෂ බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් එම ආයතනවල කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව ඔහු පෙන්වා දී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ 26,000ක ශ්‍රම බළකායෙන් අඩකට ද එම කාර්යය කළ හැකි බව අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

ඔහු වැඩිදුරට ත් පෙන්වා දෙන්නේ, වෘත්තීය සමිති වර්ධනය වන්නේ අකාර්යක්ෂම සේවකයින් මත බව ය.