ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්ද, බැසිල් හා කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඇතුළු පිරිසකට එරෙහිව විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝස‍මක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම මෝසම ඉදිරිපත් කර ඇත්තේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළවයි.