ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කටුනායකින් රටින් පැනයාමට නොහැකි වු බැසිල් සහ ගෝඨා ඇතුළු පිරිස මත්තලින් පැන යෑමට සැරසෙයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (12) අලුයම ඩුබායි හරහා ඇමරිකාවට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ජනතා විරෝධය සහ ආගමන විගණන නිලධාරීන්ගේ විරෝධය හමුවේ ආපසු හැරී ගියද බැසිල් සහ ගොඨාභය ඇතුළු රාජපක්ෂ පවුලේ 09 දෙනෙකු මේ වනවිට මත්තල ගුවන්තොටුපල හරහා විශේෂ ගුවන් යානයකින් රටින් පැනයාමට උත්සාහ කරන බව ඉතා විශිවාස කටයුතු ආරංචි මාර්ග හරහා අප වෙත වාර්තාවේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම සලසා ගන්නා සේද මාවත මගී නිෂ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් වු අතර EK 0649 ගුවන්යානයේ මගීන්ගෙන්ද දැඩි විරෝධයක් අද අළුයම එල්ලවීමත් සමග බැසිල් ඇතුළු පිරිස ආපසු හැරී කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ සිටී.

අද දිනය තුල කටුනායක සිට ගුවනින් මත්තලට පැමිණ විශේෂ ගුවන් යානයක් භාවිතා කරමින් රටින් බැහැර වීමට රාජපක්ෂ පවුලේ සාමාජිකයින් මේ වනවිට උත්සාහ දරමින් සිටී.

පසුගිය 09 වෙනිදා ජනතා අරගලය හරහා ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් පන්නා දැමු අතර ඉන් අනතුරුව ඔහු සිටින්නේ කොහෙද යනන් පිලිබදව විවිධ අදහස් පලවිය. කෙසේ වෙතත් ඊයේ දිනයේ ත්‍රීකුණාමයේ සිට ගුවන් මගින් රත්මලානට පැමිණි ගෝඨාභය සහ බැසිල් ඇතුළු පිරිස කටුනායක ගුවන් හමුදා කදවුර වෙත ගොස් තිබුණි.