රටින් පිට වෙන්න කටුනායකට ගිය බැසිල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්! ආපහු හැරී ගෙදර යයි!
අද (12) දින අලුයම රටින් පිටවීමට කටුනායක ගුවන් තොටුපොළට ගිය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ඒ හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා නැවත හැරී පැමිණ ඇති බව වාර්තා වේ.
ඔහු අද අලුයම විදේශගතවීම සඳහා ගුවන් තොටුපලේ මුදල් ගෙවා සේවය ලබා ගන්නා විශේෂ පහසුකම් සහිත සේද මාවත පර්යන්තයෙන් ඇතුළු වී ඇතත් ගුවන් කොටුපල සේද මාවත නිශ්කාශන කටයුතු වලින් ඉවත් වී සිටියේය. ඒ අද අලුයම සිටය .
චෝදනා ලත් දේශපාලකයන් රටින් පිටවීමට මෙම පර්යන්තය භාවිත කිරීමට ඉඩ ඇති හෙයින් එහි සේවයෙන් කාර්ය මණ්ඩලය අද අලුයම 00 පැයේ සිට සේවයෙන් ඉවත් සිටියේය. බැසිල් රාජපක්ෂ පැමිණ මෙම ස්ථානයේ සිදුවීම උණුසුම වීමත් සමඟ ගුවන් තොටුපළ රැඳී සිට ජනතාවගෙන්ද විරෝධයක් බැසිල් රාජපක්ෂ මහතා වෙත එල්ල වී ඇත. එබැවින් ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති ව සඳහන් වේ.
අද අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .