ජාතික ජන බලවේගයේ තංගල්ල රැලියට අති විශාල ජන ගඟක් (වීඩියෝ/ඡායාරූප)
ජාතික ජන බලවේගයේ නායකත්වයේ සහභාගිත්වයෙන් මේ වනවිට තංගල්ල නගරයේ පවත්වනු ලබන ජන බල රැලියට දසදහස් ගණනක අති විශාල ජන සහභාගීීීී හේතුවෙන්ම තංගල්ල නගරය ඒකම හිස් ගොඩක් බවට පත්වී ඇති අතර තංගල්ල නගරය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද වාර්තාවේ.
මේ වනවිටත් ජන රැලිය ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා රැලිය අමතමින් සිටින අතර ඒ් නිසාම දහස් ගණනක ජනතාවක් නගර මධ්‍යයට ඒක්රැස්වී සිටිති. බස් නැවතුම්පල මෙන්ම ප්‍රධාන මාර්ගයද ජනතාවගෙන් පිරී ඇති බවද වාර්තාවේ.
තංගල්ල පොලීසිය පවසන්නේ මාතර තිස්ස ප්‍රධාන මාර්ගය මෙන්ම බෙලිඅත්ත තංගල්ල මාර්ගය බාවිතා කරන්නන් විකල්ප මාර්ග බාවිතාකරන ලෙසයි.
එම ජන රැලිය ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ සජීවීව නැරඹිය හැකිය. LIVE : ජන බල රැලිය – තංගල්ල


