ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දින පහේ මන්ත්‍රීට කෝටි 6ක වාහන බලපත්‍රයක්

පසුගිය යහපාලන රජය සමයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වී පාර්ලිමේන්තුවේ දින පහක් පමණක් සිටි හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ගෙදර ගොස් ඇත්තේ ඔහුට රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  පැවැසීය.

පිරිමි හෙදියක ලෙස කටයුතු කරන මේ හිටපු මන්ත්‍රීවරයා දැන් ජනතාවගේ දුක ගැන කතා කිරීමට පටන් ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කරට අතදාගෙන සිටි මේ පුද්ගලයා එසේ ඔඩොක්කුවේ සිටියදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා ගැන කතා නොකළේ මන්දැයි තමා ප්‍රශ්න කරන බව අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ‍ය.