ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රතන හිමි දේශපාලනයෙන් සමුගනී – බණ භාවනා කරන්න යයි

තමන් යළිත් දේශපාලනයේ නොයෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. ඒ අනුව තමන් ඉදිරියේදී මැතිවරණයට ඉදිරිපත් නොවී බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන බවද උන්වහන්සේ පැවසූහ.

පසුගිය මහ මැතිවරණයේ අපේ ජනබල පක්ෂයෙන් තරග කරන ලද උන් වහන්සේ පරාජයට පත්වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණියහ.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීම සඳහා එම පක්ෂය සමග දැඩි මත ගැටුම් වලද උන්වහන්සේ නිරත වූ අතර අවසානයේ වත්මන් ආණ්ඩුවේ ඉහලම බලවතුන්ගේ ආශිර්වාදය සහිතව මන්ත්‍රීධුරය ලබාගැනීමට හැකිවිය.

පසුගිය වකවානුවේ වඳ කොත්තු, වඳ ඇදුම් ආදාය පිලිබදවත් ෂාෆි වෛද්‍යවරයා විසින් කාන්තාවන් වඳභාවයට පත්කිරීම පිලිබදවත් සමාජය තුල මතයක් නිර්මාණය කිරීම සදහා රතන හිමි දැඩිව මැදිහත්ව කටයුතු කරන ලදි.