ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආනන්ද සංගරීටත් කොවිඩ්

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී. ආනන්දසංගරී මහතාටද  ඔහුගේ ඥාතීන් කිහිපදෙනකුටද කෝවිඩ් ආසාදනයවී  ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් යාපනයේ පිහිටි එක්සත් විමුක්ති පෙරමුණේ කාර්යාලය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හුදෙකලා කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් කොවිඩ්  ආසාදිත  සංගරී මහතාගේ සෞඛ්‍ය තත්වයට ලොකු  බලපෑමක් නැති  බවත් ඔහු යාපනයේ  රෝහලක ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.

රෝගී තත්වයක් හේතුවෙන් සංගරී මහතා  පෙරේදා  (16)  රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට   භාජන කරනු ලැබීය.

ඔහුට කොවිඩ්  ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ එම පරීක්ෂණයේදීය.