ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

ශ්‍රිලනිපය සමග සංධානයක් නැහැ – විජිත හේරත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද ප්‍රතිචාර දක්වා සිටියා.

ඊයේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ගමනක් යාමේ හැකියාව තම පක්ෂයට ඇති බවයි. ඒ, කොළඹ ඊයේ(22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එම යෝජනාවට නිදහස් පක්ෂ මහලේකම්වරයාට ස්තූතිය පුදන  බවත් එහෙත් නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරන ලද්දේ නැවත ශ්‍රිලනිපය එජාපය මෙන්ම එම පක්ෂවලින් නිර්මාණය වූ පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජනබලවේගය සමගද ජවිපෙ සංධානගත නොවන බවයි. තමන් සංධානගත වන්නේ එම පක්ෂ වෙනුවෙන් වැඩ කළ ඡන්දය භාවිතා කළ සාමාන්‍ය පොදු ජනයා සමග පමණක් බවද ප්‍රකාශ කරන ලදි.