ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කිරිපිටි මිල නැවත වරක් ඉහලට

ඉදිරියේදී කිරිපිටි මිල නැවත වරක් ඉහල දැමීමට සිදුවිය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (දෙසැ. 21) ඒ මහතා ප්‍රකාශ කළේ, පසුගිය ඔක්තෝබර් මාසයේදී කිරිපිටි මිල සංශෝධනය කරන විට ලෝක වෙළෙඳපොළේ කිරිපිටි පැවැති මිලට වඩා මේ වන විට සියයට 10කින් පමණ මිල ඉහළ ගොස් ඇති බව ය.

ඔහු පෙන්වා දුන්නේ, පවතින කිරිපිටි හිඟය තවත් මාසයක් හෝ දෙකක් පවතිනු ඇති බව ය.

කිරිපිටි මිල දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිකම හේතුවෙන් බැංකු හරහා ණයවර ලිපි නිකුත් කිරීමට ඇති අපහසුතාව, නැව්වල ප්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යාම වර්තමාන කිරිපිටි හිඟයට ප්‍රධාන හේතු බව ඔහු වැඩිදුරට ත් පැවසීය.