ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

මන්ත‍්‍රීවරියක් පාපැදියෙන් රෝහලට ගොස් ගොස් දරුවෙක් ප‍්‍රසූත කරයි

ප‍්‍රසව වේදනාව දැනුණු නවසීලන්තයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් අද උදැසන සිය පාපැදිය පදිමින් රෝහල වෙත ගොස් පැයකට පසු ගැහැණු දරුවෙකු ප‍්‍රසුත කර තිබේ .

නවසීලන්ත පාර්ලිමේන්තුවේ ග‍්‍රීන්ස් පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරියක වන ජුලී ඈන් ගෙන්ටර් විසින් මෙසේ තමාම පාපැදිය ධාවනය කරමින් විනාඩි 10ක කාලයකින් රෝහල වෙත පැමිණ ඇති අතර රෝහලට පැමිණ පැයක පමණ කාලයකින් පසු අලූ‍යම 3.04 ට පමණ සිය දරුවා ප‍්‍රසුත කර තිබේ

නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය මෙසේ ප‍්‍රසූත කර ඇත්තේ සිය දෙවැනි දරුවා වන අතර සිය සිඟිති දියණිය නිරෝගීව පසුවන බව සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් ගෙන්ටර් මන්ත‍්‍රීවරිය පවසා තිබේ.

නවසීලන්තයේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවය හිමි ගෙන්ටර් 2018 වසරේ සිය ප‍්‍රථම දරුවා ප‍්‍රසූත කර ඇත්තේද නිවසේ සිට පාපැදියෙන් රෝහල වෙත ගොස් බව නවසීලන්ත මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

නවසීලන්ත මන්ත‍්‍රීවරියක් පාපැදියෙන් රෝහලට ගොස් දරුවා  බිහිකරයි

තමා ප‍්‍රසව වේදනාව දැණුනු පසු මෙසේ පාපැදියෙන් රෝහල වෙත යෑමට කලින් සැලසුම් කර නොතිබූ බව පවසා ඇති මන්ත‍්‍රීවරිය ඊයේ අලූයම 2.00ට පමණ ඇයට එසේ කිරීමට සිදු වූ බව සඳහන් කර තිබේ. පාපැදියට දැඩි සේ ආදරය කරන අයකු වන ගෙන්ටර් මන්ත‍්‍රීවරිය සිය ගමන් බිමන් සඳහා බොහෝ අවස්ථාවලදී භාවිත කරනුයේද පාපැදියයි.

නවසීලන්තය නිහතමානී හා චාම් දේශපාලනඥයන් සිටින රටක් සේ ප‍්‍රකටව ඇති අතර එරට අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩන්ද අගමැති ධුරයේ සිටියදී සිය දියණිය ප‍්‍රසූත කළ පසු ප‍්‍රසිද්ධියේම සෙසු කාන්තාවන් මෙන්ම ප‍්‍රසූති නිවාඩු ලබාගෙන තිබිණි.