ගෝඨාභයගේ පාලනයට වසර 2යි – රටම විනාශයි..! ගෙවී ගිය වසර 2 දෙස හැරී බලමු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්රාප්තියේ දෙවන සැමරුම අදට (18)ට යෙදී තිබේ. 2019 වසරේ නොවැම්බර් මස 16 වන දා පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවැන්වැලි සෑ මළුවේදී ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ නොවැම්බර් 18 වන දා ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතතේ තරග කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 69,24,255ක් ලබා ගත්තේ ය. පසුගිය වසර දෙකක කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය සම්බන්ධයෙන් විමසා බැලීමේදී ජනතාව අතර බරපතල විවේචනයක් එල්ලවෙමින් පවතී.
2020 මාර්තු මාසයේ සිට මේ දක්වා ම පවතින කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් ක්‍රියාමාර්ග හේතුවෙන්ද කොරෝනා ව්‍යාප්තිය උත්සන්න විය.
මේ වන විට පාසල් සම්පූර්ණයෙන් ම විවෘත කිරීමට ද සැලසුම් කර ඇති අතර, කොවිඩ් ආසාදිතයින්ගේ යම් වර්ධනයක් පවතින බවට සෞඛ්‍ය අංශ පවසයි.
මේ අතර, කහ ආනයනය තහනම් කිරීම ද මෙම ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව සිදු කෙරුණු අතර, මේ වන විට කහ මිල බෙහෙවින් ඉහළ ගොස් තිබේ.
මීට අමතරව ටයිල්, ටයර් , වාහන, විදුලි උපකරණ ආදී වශයෙන් භාණ්ඩ රැසක් මේ වනවිට ආනයනය තහනම් කර ඇති අතර ඒ හේතුවෙන් එම භාණ්ඩ බරපතල හිගයක් මෙන්ම මිලද සීග්‍රෙයන් ඉහල ගොස් තිබේ.
සමස්තයක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල පාලන මිල ඉවත දැමීම නිසා අධික ලෙස ඒවායෙහි මිල ඉහළ ගොස් ඇතැයි ජනතාව චෝදනා කරති.
මේ අතර, කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම, කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග ඇති කර ගත් ගිවිසුම ආදියට රට තුළ දැඩි විරෝධයක් එල්ල විය.
කාබනික පොහොර භාවිතය අනිවාර්ය කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මේ වන විට දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ.
මීට අමතරව, ඛනිජ තෙල්, ගෑස්, කිරිපිටි වැනි භාණ්ඩ හිඟයක් ද මතු වී පැවති අතර මේ වන විට ත් භාණ්ඩ කිහිපයක හිඟකම නිසා ජනතාව පෝලිම්වල සිටිනු දැක ගත හැකි ය.
මේ අතර, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවට ද වත්මන් පාලනයට චෝදනා එල්ල වෙමින් තිබේ.