නිකන් ඉන්නවාට තෙල් සංස්ථා සේවකයින්ට රුපියල් කෝටි 10ක් ගෙවයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම නිසා එහි සේවකයින් 1300ක් කිසිදු රාජකාරියක් නැතිව නිකරුනේ සිටින බවත් ඔවුනට වැටුප් ගෙවීමට මාසිකව රුපියල් කෝටි 10ක් පමණ තෙල් සංස්ථාව මුදල් වෙන් කළ යුතු බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසයි.
මේ අතර බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (18) පැවසීය.
දින 50 ක කාලසීමාවක් සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගියදා පැවසීහ.ඇමතිවරයා ප්‍රකාශ කළේ ඩොලර් අර්බුදය හේතුවෙන් බොරතෙල් ආනයනය තාවාකාලිකව නතර කර ඇති බවයි. ඒ අනුව තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවයි.