අද සිසුන් 200ට අඩු පාසල් 3000ක් ඇරියත් ගුරුවරු ගෙදර..!
සිසුන් 200ට අඩු පාසල් 3000ක් අද දිනයේ විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත. ඒ අනුව ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය.
පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සදහා අවශ්‍ය සියලු පහසුකම් පාසල්වලට ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අවස්ථා කිහිපයක දී පාසල් වසා දැමීමට සිදුවු අතර පසුගිය අප්‍රේල් මාසයෙන් පසු අධ්‍යයන කටයුතු සඳහා පාසල් විවෘත වන පළමු අවස්ථාව මෙය යි.
නමුත් වර්ජනයේ නියුතු ගුරු සංගම් ප්‍රකාශ කර සිටින්නේ අද දිනයේ කිසිදු ගුරුවරුයකු පාසල් නොපැමිණෙන බවත්, ලබන 25 වැනිදා සට සේවයට වාර්තා කිරීමට තීන්දු කර ඇති බවත්ය.
ඒ අනුව අද දිනයේ ඔන්ලයින් ඉගෙනුම් පවා අත්හිටුවා ඇති බව ඔව්හු සදහන් කර සිටිති.