ලොව සුපතල සංගීත වැඩකරුවෙකු වන ඒ. ආර්. රහුමාන්ව පසු කළ අපේ “මැණිකේ”
ඒ. ආර්. රහුමාන් කියන නම ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. ඉන්දියාවේ සුපතල ගී බොහෝමයක “නිහඬ වැඩකරු” වන රහුමාන්ගේ අපූර්ව සංගීතය ඉන්දියාවේ විවිධ මාදිලියේ චිත්‍රපට ගණනාවකින් අපට හමුවනවා.කොහොම වුණත් මේ කතාව රහුමාන් ගැන නෙවෙයි. රහුමාන්වත් පසු කරන් ගිය, අපේ රටේ කෙල්ලෙක් වන, “යොහානි ද සිල්වා” ගැනයි.
“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ජාත්‍යන්තරය ජයගත් යොහානි ඒ. ආර්. රහුමාන්ගේ යූටියුබ් අනුගාමිකයින් (subscribers) ගණන පසු කර යාමට සමත්ව ඇත.
මිලියන 2.93ක අනුගාමීකයින් පිරිසකට හිමිකම් කියන රහුමාන්ව පසු කළ යොහානි මේ වන විට අනුගාමිකයින් මිලියන 2.96කට හිමිකම් කියයි.
මේ තැබූ නව වාර්තාව වෙනුවෙන් අපෙන් යොහානිට උණුසුම් සුබ පැතුම්

