ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රාජපක්ෂලාගේ බලකොටුව වූ අභයාරාමයේ දී පක්ෂ රැසක නායකයෝ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ගැන කතා කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් ඇතුළු දේශපාලනඥයින් පිරිසක් නාරාහේන්පිට අභයාරාමයට රැස්වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර සෙසු සියලු පක්ෂ නායකයින් එක් කර පැවැත්වූ රැස්වීමකි.

මෑත කාලයේ අභයාරාමයාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වත්මන් රජය දැඩිව විවේචනය කරන අයුරු දැකිය හැකි විය.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් සෙවීම සඳහා මෙම සර්වපාක්ෂික සමුළුව කැඳවා තිබිණී.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ වන විට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මෙම සර්ව පාක්ෂික සමුළුවේදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.