ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.

1992 වසරේ සිට 2001 වසර දක්වා ආචාර්ය සිරාන් දැරණියගල මහතා පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

ගල්කිස්ස ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඒ මහතා මෙරට සිදුකළ පුරවිද්‍යා පර්යේෂණ රැසකටම සිය දායකත්වය දක්වනු ලැබීය.