මහින්දානන්ද කළ චෝදනාව පට්ටපල් බොරුවක්..! 2011 ලෝක කුසලාන තරග පාවාදීම පිලිබද විමර්ශණ අත්හිටුවයි
2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාව පරාජය වීම තරග පාවාදීමක් යයි හිටපු ක්‍රීඩා ඇමති වරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට පදනමක් නැති අබූත චෝ්දනාවක් බව රජයේ නීතිපතිවරයා විසින් තහවුරු කර ඇත.
ඒ අනුව එකී ප්‍රකාශය පදනම් කරගනිමින් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන එ්කකය කරන ලද පරීක්ෂණ අවසන් කිරීමට තීරණය කර තිබේ.
කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග ඇතුළු එවකට කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ බොරු චෝදනාව සම්බන්දයෙන් පොලිසිය විසින් ඒ අනුව ප්‍රශ්න කරන ලදී.
එවකට ක්‍රීඩා අමාත්‍ය ධූරය දැරූ ඩලස් අලහප්පෙරුම මහතා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනය කරන ලෙස පොලිස් ඒකකයට දැනුම් දී තිබින.
කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එවක සඳහන් කළේ තරග පාවා දීම සම්බන්ධයෙන් සාක්ෂි ද තමන් සතුව පවතින බවයි. එදා ක්‍රීඩකයින්ට අභුත චෝදනා එල්ල කල ඇමතිවරයා අද වනවිට මේ පිලිබදව නිහඩ පිලිවෙතක් අනුගමනය කරයි.